යාල ජාතික වනෝද්‍යානය
යාල ජාතික වනෝද්‍යානය | |
---|---|
IUCN ප්‍රවර්ගය II (ජාතික වනෝද්‍යානය)
| |
පටනංගල, යාල වෙරළ තීරයේ පිහිටි පාෂාණ උද්ගතයක්
| |
යාල ජාතික වනෝද්‍යානයේ පිහිටුම | |
පිහිටුම | දකුණු සහ ඌව පළාත්, ශ්‍රී ලංකාව |
සමීපතම නගරය | හම්බන්තොට |
ඛණ්ඩාංක | 6°22′22″N 81°31′01″E |
වර්ග ප්‍රමාණය | [convert: invalid number] |
සංස්ථාපනය | 1900 (වනජීවී අභයභූමිය) 1938 (ජාතික වනෝද්‍යානය) |
පාලක ස්ථිතිය | වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව |
යාල ජාතික උද්‍යානය ශ්‍රී ලංකාවේ පිහිටි දෙවන විශාලතම ජාතික උද්‍යානයයි. එය රෙට් ගිනිකොන වියලි කලාපයේ පිහිටා ඇත. උද්‍යානය කොළඹ සිට එනම් ශ්‍රී ලංකාවේ අග නගරයේ සිට කිලෝමීටර 300 පමණ දුරින් පිහිටා ඇත. යාල ශ්‍රී ලංකාවේ ඌව සහ දකුණු නම් වූ පළාත් දෙකකට අයත් වේ. උද්‍යානය කොටස් පහකට බෙදා ඇති අතර 1 සහ 2 වන කොටස් පමණක් අමුත්තන් සඳහා විවෘතව ඇත.
යාල ජාතික වනෝද්‍යානයශ්‍රී ලංකාවේ නිරිත දිගට වන්නට විශාල භූමි ප‍්‍රමාණයක පැතිර ඇති ප‍්‍රධානම ජාතික වනෝද්‍යානයකි.ඌව හා දකුණු පළාත් දෙකටම අයත් වන මෙම රක්‍ෂිතය වර්ග ප‍්‍රමාණයෙන් වර්ග කිලෝමීටර 979 ක් වුවද මහජනයාට විවෘතව ඇත්තේ වර්ග කිලෝමීටර 141 ක භූමි භාගයකි.
රක්‍ෂිතයෙන් වැඩිප‍්‍රමාණයක් පතන් බිම් වශයෙන් පවතිනමුත් මෙය වනභූමි වෙරලාශ‍්‍රිත ප‍්‍රදේශ, දිය උල්පත්, ගංඟා සහ ලඳු බිම් වලින් ආදි විවිධ පරිසර තත්ත්වයන්ගෙන් ගහණ වූ වනෝද්‍යානයකි. මෙම ලඳු බිම් තැන තැන විසිර පවතින පාෂාණමය ශේෂ කඳු වලින් ගහණය. වනෝද්‍යානය විශාල සත්ව විශේෂ ප‍්‍රමාණයකට වාස භූමිය සපයයි.
යාල රක්‍ෂිතය ලෝකයේ විශාලතම දිවි ගහණයෙන් සමන්විතය. එසේ වුවත් රාති‍්‍රයේ හැසිරෙන විශාල ප‍්‍රමාණයේ මාංශභක්ශක සතුන්ට තම ගොදුරු සොයා ගැනීමට දැඩි වෙහෙසක් දැරීමට සිදු වී ඇති අතර ගොදුරක් ලැබීම බොහෝ විට වාසනාව මත රඳා පවතී. මෙහි වෙසෙන විශාල ප‍්‍රමාණයේ සත්වයින් අතර ආසියානු අලි, කිඹුලන්, වල් ඌරන්, කුළු හරකුන් සහ අළු රිලවුන් සිටිති.තවද මල් කොහා, ලංකා වලි කුකුලා සහ ඉන්දියානු මොණරා මෙම වනෝද්‍යානයේ බහුලව ගැවසෙති.පතන් බිම් වලට ගිජු ලිහිණියන්, ගෙල සුදු මුහුදු ලිහිණියන් ආකර්ශනය වන අතර අලිමානාවන් සහ ලතුවැකියන් තෙත් බිම් කරා ඇදී එයි.
No comments:
Post a Comment